Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ
Financial 9 Views

Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ

Buzzer EditorBy Buzzer EditorFebruary 14, 2024Updated:February 14, 2024No Comments4 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී  ‘දේශගුණය සඳහා ජනතාව – Greenpeace  ඉන්දියානු සාගර නැව් චාරිකාව 2024’ දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ  උරුමය සහ සංස්කෘතිය පිළිබඳව සිත් ඇදගන්නාසුළු  විශේෂාංග රැසකින් සමන්විත වූ මෙම උත්සවය තුළින් එකමුතුකම සහ සහයෝගීතාවය විචිත්‍රවත් ලෙස  නිරූපණය විය .දේශගුණික විපර්යාසවලට මුහුණ දීම පිළිබඳ Greenpeace  හි මෙහෙවරට සම්බන්ධ වූ නිලධාරීන්, ප්‍රසිද්ධ පුද්ගලයින්, සමාජ බලපෑම්කාරී පුද්ගලයින්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ හිතවතුන් ඇතුළු ප්‍රධාන ආරාධිතයින් විසින් මෙම උත්සවය සඳහා සිය සහභාගීත්වය ලබාදෙන ලදී.

මෙම උත්සව අවස්ථාව අමතමින් Greenpeace South Asia හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, පරිසරවේදී ජෙහාන් කැනගරත්න මහතා මෙසේ සඳහන් කළේය. “අප ශ්‍රී ලංකාව තුළ පාරිසරික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. අපගේ කෘෂිකර්මාන්ත කටයුතුවලට මෙන්ම ජීවනෝපායන්ට ද දේශගුණික විපර්යාස තුළින් බාධා ඇති වෙනවා. අපි දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි අවම බලපෑමක් සිදුකළද, දකුණු ආසියාවේ ජෛව විවිධත්වයෙන් අනූන රටක් ලෙස අප ද යම් අසමාන බලපෑමකට ලක්ව සිටිනවා. එබැවින් අපි ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස සඳහා කැපවූ පදනමක් වන Greenpeace South Asia සහ අනෙකුත් ප්‍රාදේශීය පාරිසරික ව්‍යාපාර සමඟ එකතු වී ඒ වෙනුවෙන් පෙනී සිටීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී තිබෙනවා.”

මෙහිදී සහභාගි වූ පිරිස  කලාපයේ ‘ආන්තික ජනගහනයට බලපාන මූලික පාරිසරික ගැටලු විසඳීම සඳහා කලාපීය සහයෝගීතාවය පිළිබඳ  ඇති හදිසි අවශ්‍යතාවය’ පිළිබඳව අවධාරණය කරමින් සාකච්ඡාවක නිරත වූ අතර මෙම සැසිය මඟින් සහභාගිවූවන් අතර බලාපොරොත්තුව සහ අධිෂ්ඨානය වර්ධනය කරමින් පාරිසරික ක්‍රියාකාරකම් සඳහා සාමූහික හැඟීමක් ඇති කළේය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් Greenpeace දකුණු ආසියාවේ/ඉන්දියාවේ හි විධායක අධ්‍යක්ෂ බිනූ ජේකොබ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “දකුණු ආසියාතික  කලාපයේ ජනගහනය  බිලියන එකහමාරකට අධික වන අතර මෙහි ලෝකයේ වඩාත් සංවේදී පාරිසරික කලාප කිහිපයක්ම සහිත රටවල් 08ක්    පිහිටා තිබෙනවා. එමෙන්ම   මෙම කලාපය ගෝලීය දරිද්‍රතාවයේ දෙවන ස්ථානයේ පසුවෙන බව අතිරේක දත්ත මඟින් අනාවරණය වෙනවා. මෙහි ජනතාව දේශගුණික අර්බුදයන් සමඟ  අස්ථාවරත්වයට පත්වීමට තුඩු දෙන හේතු කිහිපයක් ලෙස බහුවිධ දරිද්‍රතාවය, ස්වාභාවික සම්පත් මත යැපීම සහ කාලගුණික රටාවන්  ආදිය හඳුනාගත හැකියි. මිලියන 800කට අධික දකුණු ආසියාතික ජනතාව ‘අනාගතයේදී  දේශගුණික විපර්යාසයන් සිදුවීමට නියමිත ප්‍රධාන කලාපයක’ ජීවත්වන බව ලෝක බැංකු වාර්තා මඟින් පෙන්වා දෙන අතර , එයින් අදහස් වන්නේ මෙම ප්‍රදේශය තුළ වැඩි කලක් ජීවත්වීමට නොහැකි විය හැකි බවයි.”

පරිසර හිතකාමී බව  පිළිබඳව ඔවුන් විසින් ඉදිරිපත් කළ ප්‍රබල පණිවිඩය  වඩාත් ආකර්ෂණීය වූ අතර දක්ෂ කලාකරුවෙකුගේ අලංකාර රංගනයක් ද මෙම උත්සවයට ඇතුළත් විය. මෙහිදී පරිසර සංරක්ෂණයේ වැදගත්කම තවදුරටත් ඉස්මතු කරමින් ඉදිරිපත් කරන ලද ‘වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවිතය සහ කලාපයේ දේශගුණික බලපෑම්’ පිළිබඳ සුවිශේෂී  ඡායාරූප ප්‍රදර්ශනයක් නැරඹීමට ද සහභාගි වූ පිරිසට අවස්ථාව උදා විය.

VR සහ විනෝදාස්වාද කලාපයක් සමඟින්, සෑම වයස් කාණ්ඩයකටම මිහිරි අත්දැකීමක් Rainbow Warrior නෞකාවේදී පිරිනමන ලද අතර පාරිසරික උරුමයේ මීළඟ භාරකරුවන් වන දරුවන් දිරිමත් කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරකම් රැසක්ද සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් Greenpeace හී දකුණු ආසියාවේ/ඉන්දියාවේ ප්‍රවර්ධන නිලධාරිනී අම්රුටා එස්.එන්. මහත්මිය  මෙසේ පැවසුවාය.”පෘථිවියේ සිටින සෑම කෙනෙකුම දේශගුණික විපර්යාස පිළිබඳ කොටස්කරුවන් බව වසර ගණනාවක් පුරා අපි  අවබෝධ කරගනිමින් සිටිනවා. සමහරෙක් අනෙක්  අයට සාපේක්ෂව  දේශගුණික විපර්යාස වේගවත් කිරීමට දායක වී තිබෙන අතර දකුණු ආසියානු කලාපය ඇතුළු ගෝලීය දක්ෂිණ ප්‍රදේශයේ ජීවත් වන ජනගහනය ඒ සඳහා  විශාල   බලපෑමක් සිදු කර තිබෙනවා . අද වන විට සෑම රජයක්ම, සංස්ථාවක් සහ පුද්ගලයෙකුම මෙම ක්‍රියාවලියේ කොටස්කරුවෙකු ලෙස ක්‍රියා කිරිමේ ප්‍රබල අවශ්‍යතාවයක් ඉස්මතු වී තිබෙනවා . මෙය අප සෑම කෙනෙකුටම පෞද්ගලිකව දැඩි ලෙස බලපාන සාධකයක්. දකුණු ආසියාතික  කලාපයේ ජනතාව වශයෙන් අපි භූමි අතර ඇති දේශපාලන සංකීර්ණත්වයට නැඹුරු නොවී එකම සාමූහික හඬක් ලෙස කතා කිරීමේ අවශ්‍යතාවය අවබෝධ කරගැනීම මෙහිදී  විශේෂයෙන් වැදගත් වෙනවා. Greenpeace South Asia යනු දකුණු ආසියානු කලාපයේ විවිධ ප්‍රදේශවලින් හඬක් එක් කළ හැකි එවැනි පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ උත්සාහයක්. අපගේ ජනගහණයේ ශක්තියත් සැමවිටම අපි සතුව තිබෙනවා.”

Greenpeace හී මෙම වැඩසටහන් මාලාව පෙබරවාරි 18 වැනි දින දක්වා ප්‍රාදේශීය ප්‍රජාව, තරුණ නියෝජිතයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පාර්ශ්වකරුවන්, සමාජ මාධ්‍ය බලපෑම්කාරීන්, මාධ්‍ය, අධ්‍යාපන ආයතන, පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සේවකයන් සහ ආධාරකරුවන්ගේ අපමණ දායකත්වය සහිතව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම සාමුහික ප්‍රයත්නය මඟින් දකුණු ආසියාතික  කලාපයේ පැතිකඩ ඔස්සේ දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය වැනි ගැටලු විසඳීමට සිය සහය ලබාදීමට අදහස් කෙරේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඇමෙරිකානු ජනාධිපතිවරයා ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලයට
Next Article 2024 වසරේ විභාග පැවැත්වෙන දින පිලිබඳ විශේෂ දැනුම්දීමක්
Buzzer Editor
  • Facebook

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20263 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202603 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.