කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා අද (13) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, අද (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව වැඩිදුරටත් සඳහන්.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.