පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ යන ප්රදේශවලටත් කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය වලල්ලාවිට සහ මතුගම ප්රදේශවලට මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එසේම මාතර දිස්ත්රික්කයේ පිටබැද්දර සහ රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට යන ප්රදේශවලටද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.