මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවලින් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී සිටී.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ වෙහෙස වී උපයා ගත් ධනය අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.
ඊට අමතරව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ.
වංචාකරුවන් විසින් විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා විවිධ ප්‍රකාශ සිදුකරනු ලබන බවත් ඒවා නොරැවටෙන ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මොනයම් ආකාරයේ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.