Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර වෙයි
World News 5 Views

ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර වෙයි

Buzzer EditorBy Buzzer EditorAugust 26, 2023Updated:August 27, 2023No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. නීති බලධාරීන්ට බාර වෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට පෙරේදා (24) දිනය තෙක් කල් දී තිබුණි. බාර නොවූයේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමක් පැවැතිණි.

ට්‍රම්ප්ට අපරාධ චෝදනා රැසක් එල්ල වී, අධි චෝදනා ගොනු කර ඇත. ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුට හෝ චෝදනා ගොනු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. 2020 ජනාධිපතිවරණායේ දී ජෝර්ජියා ජනපදයේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට ට්‍රම්ප් බලපෑම් කළේ යැයි යන්න ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනාවලින් එකකි.

ට්‍රම්ප් නිව් ජර්සි ජනපදයේ බෙඩ්මින්ස්ටර් නුවර සිය නිවසේ සිට ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවර ගුවන්තොටුපොළට පැමිණියේ පෞද්ගලික ගුවන් යානයෙනි. ඉන්පසු ට්‍රම්ප් නීතීඥවරුන් ද පිරිවරා ගනිමින් ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට ගියේය. එහිදී අපරාධකරුවකු ලෙස සලමින්, ට්‍රම්ප්ගේ ඡායාරූප (මග්ෂොට්) ලබා ගැනීම සිදුවුණු බව පැවැසෙයි. ඒ අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එම ඇතුළත් කිරීමටය. අපරාධකරුවකු ලෙස සලකා මෙසේ පොලිස් ඡායාරූපයකට, ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු පෙනී සිටි පළමු අවස්ථාව ද මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සියලු කටයුතු අවසන් වී මිනිත්තු 20 කට පසු ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 2 ක ඇප බැඳුම්කරයක් යටතේ ට්‍රම්ප් නිදහස් විය. ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරට ගිය අවස්ථාවේදී 77 හැවිරිදි ට්‍රම්ප් රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ එදා තමන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කළේ අසාධාරණයක් සිදුවුණු බැවින් බවය.

රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ට්‍රම්ප්, පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙනි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකකි. 2020 ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වුවත්, ඔහුට ජයග්‍රහණයට කිරීමට නොහැකි විය. ජයග්‍රහණය කළේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ය. ට්‍රම්ප් පරාජය බාර ගත්තේ නැත. ඔහු දිගින් දිගටම උත්සාහ කළේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීමටය.

මීළඟ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන 2024 වසරේදීය. ට්‍රම්ප් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ඒ, තවත් ධුර කාලයක් ඇති බැවිනි. කෙසේ නමුත් එල්ල වන අපරාධ චෝදනා ඊට බාධාවක් වනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. (වොෂින්ටන් පෝස්ට්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (අගෝස්තු 26, 2023)
Next Article සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත වූ ගුරුවරුන්ට දැනුම්දීමක්
Buzzer Editor
  • Facebook

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20263 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202603 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.