ඊයේ (17) දිනයේදී හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇති බවයි සඳහන් වන්නේ.
ගින්නට ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. බොහෝවිට අද දිනය තුලදී කරුණු මාධ්‍ය වලට අනාවරණය වෙතැයි බලාපොරොත්තුවෙන් සිටිමු.