ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් ලබන සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.