ජර්මනියේ ඩුසෙල්ඩෝෆ් නගරයේ සත්වෝද්‍යානයට නුදුරින් දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත් සමඟ මහත් කලබලයක් හටගත්තේය.
ටොන් එකක් බරැති මෙම බෝම්බය, බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම්වල පරික්ෂාවට ලක් වෙද්දී, ඒ අවට සිටි 13,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගත් බව පැවැසෙයි.
පොලිසිය පවසන්නේ, දෙවැනි ලෝක යුද්ධයේ දී ප්‍රහාර සඳහා යොදා ගත් මෙවැනි බෝම්බ මීට පෙර ද මෙම නගරය අවටින් සොයා ගෙන ඇති බවය. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.