Galle Titans vs Colombo Strikers
2023 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ (07) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම සමත් වුණා. ඊයේ පළමු තරගය Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළා. ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Colombo Strikers කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සිය ජයග්රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 7 කින් තරගය ජය ගැනීමට සමත් වුණා. Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 104 ක් හා පැතුම් නිස්සංක ලකුණු 54 ක් ලබා ගත්තා.
Dambulla Aura vs Jaffna Kings
දෙවන තරගය Dambulla Aura කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Dambulla Aura කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි තරගය Dambulla Aura කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Jaffna Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් පමණක් වන අතර ඒ අනුව ලකුණු 9 කින් තරගය ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.