ලබන සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
රබර් ආශ්රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද, පොල් ආශ්රිත අපනයනවලින් ඩොලර් මිලියන 700ක ආදායමක් ද මේ වසරේ අපේක්ෂා කරන බවත්, කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

