2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගි වන පළමු තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේදී හෙට (16 වැනිදා) උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න විසින් ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝවිට මෙහෙයවීමට ඉඩ ඇති අතර බාබර් අසාම් පාකිස්තාන කණ්ඩායමට නායකත්වය දෙයි. දිමුත් කරුණාරත්න ආබාධ තත්ත්වයෙන් සම්පුර්ණයෙන් සුවය නොලබා ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළහොත් හෙට දිමුත් වෙනුවට ධනංජය සිල්වා නායකත්වය දරණු ඇත.
පසුගිය ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව 5 වෙනි ස්ථානයට පත්වූ අතර පකිස්ථානය එම තරගාවලිය නිමා කළේ 7 වැනි කණ්ඩායම ලෙස ය. නවතම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පාකිස්තානය අංක 6 ස්ථානයේත් ශ්‍රී ලංකාව අංක 7 ස්ථානයේත් රැඳී සිටී.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, කමිඳු මෙනඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ඩිල්ෂාන් මදුශංක, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.