කැනඩාවේ ළැව් ගිනි වලින් නැගෙන විෂ දුම, මේ වනවිට නෝර්වේ රාජ්‍යය තෙක් පැතිර ගොස් ඇතැයි, නෝර්වේ දේශගුණික, පාරිසරික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පවසති. නෝර්වේ රාජ්‍යය ඇත්තේ කැනඩාවේ සිට කිලෝ මීටර් 5,850 ක් දුරින් යුරෝපා මහද්වීපයේ කෙළවරේය. ළැව් ගිනි දුමාරය නෝර්වේ වැසියන්ට පමණක් නොව, සෙසු යුරෝපා රටවල වැසියන්ට ද අහිතකර බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.
මේ වනවිට, ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද එරටේ ළැව් ගිනි වලින් නැගෙන විෂ දුමාරය හේතුවෙනි. ඇමෙරිකාව සහ නිව්යෝක් නුවර ඇත්තේ කැනඩාවට පහළිනි. එරටේ ළැව් ගිනි ආරම්භ වී මේ වනවිට මාසයකට වැඩි කාලයක් ගත වී ඇත. පාලනය කිරීමට අපහසු ළැව් ගිනි 150 ක් ප්‍රාන්ත කීපයක් පුරා පැතිරෙන බව කැනඩා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ළැව් ගිනි හේතුවෙන් කැනඩාවේ හෙක්ටයාර් මිලියන 3.8 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය සිදුවෙමින් පවතී. ළැව් ගිනි හේතුවෙන් නිවාස අහිමි වුණු වැසියන් ගණන 20,000 කට වැඩිය. ජගත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කැනඩාවේ මෙසේ ළැව් ගිනි ව්‍යාප්ත වීමට හේතුව විපරිත කාලගුණ තත්ත්වයන් බවය.
විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට හේතුව දේශගුණික විපර්යාස බවත්, දේශගුණික විපර්යාස නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.