පාස්කු ඉරිදා (Easter Sunday) දිනය අද (09) යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උට්ඨානය ලැබීම හෙවත් මරණයෙන් නැගී සිටීම සිහිකිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙනවා. දින හතලිහක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක්වන බවයි සඳහන් වන්නේ.
අද දින සෑම සියලු කිතුනු දෙව්මැඳුරකම විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙන අතර සියලු දෙව්මැඳුරුවලට විශේෂ පොලිස් රැකවරණය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.