කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල නිලධාරීන් විදේශ ගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. එම නිලධාරීන් විදේශ ගත වීමක දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරිහූ අමාත්‍යවරයාට යෝජනාවක් කළහ.
කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.
දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාල නිලධාරීන් දීර්ඝකාලීන විදේශ ගතවීම් සදහා සිදු කරන ඉල්ලිම් තමන්ට යොමු නොකරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට දැනුම් දුන්නේය. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.