Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකාවේ එළිමහන් කලා ප්‍රදර්ශනය – කලා පොළ 30 වැනි වසර අති සාර්ථකව නිම වෙයි
Financial 6 Views

ශ්‍රී ලංකාවේ එළිමහන් කලා ප්‍රදර්ශනය – කලා පොළ 30 වැනි වසර අති සාර්ථකව නිම වෙයි

Buzzer EditorBy Buzzer EditorMarch 30, 2023No Comments4 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, පසුගියදා 30 වැනි වරට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ දී උත්කර්ෂවත්ව සමරනු ලැබීය.

ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දිගු කාලීන සහයෝගීතාවක් වන කලා පොළ, කලාකරුවන්ට සහ මූර්ති ශිල්පීන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ගැනුම්කරුවන්, කර්මාන්ත වෘත්තිකයන් සහ දේශීය කලා ප්‍රජාව සමඟ සම්බන්ධ වීමටත් ඉඩ සලසන ශ්‍රී ලංකාවේ විශාලතම සහ දීර්ඝතම එළිමහන් ප්‍රදර්ශන වේදිකාවයි. කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රථම වරට පවත්වන ලද කලා පොළ ප්‍රදර්ශනය, මෙවර වැඩිහිටි කලාකරුවන් 312ක්, ළමා කලාකරුවන් 358ක් සහ නරඹන්නන් 33,000කගේ අනගිභවනීය ප්‍රතිචාරයන් සහ සහභාගීත්වය ආකර්ෂණය කර ගැනීමට සමත් විය.

කලා පොළ ප්‍රථම වරට සහභාගී වූ කලාකාරිනියක වන ගයනි පෙරේරා, “අනෙක් කලාකරුවන් සහ අමුත්තන් සමඟ සම්බන්ධ වී, ඔවුන් සමඟ කතා බහ කිරීමට මෙම කලා ප්‍රදර්ශනය මට හොඳ අවස්ථාවක් වුණා. අමුත්තන් වඩාත් කැමැත්ත දක්වන්නේ මොනවාට ද යන්න පිළිබඳව මම දැන් හොඳින් දන්නවා, ඒ නිසා මට ඒ වෙනුවෙන් වඩා හොඳින් සූදානම් වෙන්න පුළුවන්. මම මෙහි රැගෙන ආ චිත්‍ර 36ක් පමණ සංඛ්‍යාවකින් චිත්‍ර 22ක් අලෙවි කිරීමට මට හැකි වුණා. මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ජෝර්ජ් කීට් පදනමට සහ ජෝන් කීල්ස් පදනමට මම ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් කලා පොළ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීය.

කලා පොළ 2023හි, හොඳම කලාකරුවන් පස් දෙනා ලෙස හඳුනා ගත් කලාකරුවන්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් H.E. පෝල් ස්ටීවන්ස් මහතා මෙම නිල උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා ඇතුළු භාරකරුවන් සහ ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති එම්. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් උත්සවය වඩාත් වර්ණවත් විය.

H.E. පෝල් ස්ටීවන්ස් මහතා රැස්ව සිටි පිරිස අමතමින්, “කලාව සහ සංස්කෘතිය ඕනෑම සමාජයක තීරණාත්මක අංගයක්. එමෙන්ම එය සමාජ සංවර්ධනයට උපකාරී වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දායක වන වැදගත් අංශ ද මේ අතර පවතිනවා” යනුවෙන් තම අදහස් දැක්විය.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා නිල උත්සවයේ දී පැමිණි පිරිස අමතමින්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, “ කලා පොළ, රට පුරා සිටින කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා සහාය වීමටත් වසර ගණනාවක් පුරා ඉවහල් වී තිබෙනවා. “අනාගතය උදෙසා ජාතිය සවිබල ගැන්වීමේ” දැක්ම යටතේ එන, කලාව සහ සංස්කෘතිය යනු ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ මෙහෙවරයන් 06න් එකක්. කලා පොළ සඳහා අනුග්‍රහය සහ සංවිධායක ලෙසින් ජෝර්ජ් කීට් පදනම සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

කලා පොළ නැරඹීමට පැමිණි තනුජා ජයවර්ධන පැවසුවේ, “රටේ විසිරී සිටින කලාකරුවන් ඒකරාශී කිරීම පහසු කටයුත්තක් නෙවෙයි, මේ අවස්ථාවට පැමිණෙන ජනතාවට විවිධ කලා කෘති සහ විලාසිතා එක පෙළට අත්විඳීමටත්, රස විඳීමටත් අවස්ථාව ලැබෙනවා. හැම අවුරුද්දකම වගේ මම කලා පොළ රස වින්දා, මේ වසරේදීත් කලා පොළට සහභාගි වෙන්න වෙලාවක් සොයමින් සිටියා” ‍යනුවෙන් සිය අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්  H.E. පෝල් ස්ටීවන්ස් මහතා,  කලාකරුවෙකු සමඟ සංවාදයක යෙදෙමින්

කලා පොළේ 30 වැනි වසර කලාකරුවන්ට මෙන්ම නරඹන්නන්ට ද අති සාර්ථකව පැවති අතර ඉන් ලැබූ විකුණුම් ආදායම (commissioned artවලට හැර) රුපියල් මිලියන 35ක් විය. මේ අතර, එලිෆන්ට් හවුස් විසින් මෙහෙයවනු ලැබූ, නැගී එන කලාකරුවන්ට තීන්ත සහ මැටි (ක්ලේ) අත්හදා බැලීම් කළ හැකි Children’s Art Cornerහි, කෝරා ඒබ්‍රහම් කලා පාසලේ ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ ළමුන් 110 දෙනෙකුට සත්කාරකත්වය සපයන ලදී. මෙහිදී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ස්වේච්ඡා සේවකයන් 150 දෙනෙකුගේ සහය කලා පොළ වෙත ලැබිණි. දෘශ්‍ය කලාව කෙරෙහි අවධානය යොමු කිරීමට අමතරව නර්ථනය, බෙර වාදනය සහ ජන ගායනය ඇතුළු ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික කලාවන්ගෙන් සම්මිශ්‍ර වූ විචිත්‍රවත් ප්‍රසංගයකින් ද කලා පොළ විචිත්‍රවත් විය.

කලා පොළ 30 වැනි වසර සමරුවක් ලෙස මෙවර “හොඳම කලාකරුවන් පස්දෙනා සම්මානය” සඳහා සුදුසු කලාකරුවන් කලා ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් විසින් තෝරා සම්මාන පිරිනමන ලදි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ, පුද්ගලික බැංකු අනුග්‍රහය යටතේ පැවති නිල උත්සවයේ දී ආලෝක බණ්ඩාර, චමින්ද බණ්ඩාර, කසුන් මනෝජ්, රුවන් මහින්දපාල සහ සංදීප විතානගේ යන ජයග්‍රාහකයින් වෙත මෙසේ කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.

කලා පොළ 2023 සමඟ සම්බන්ධ වූ  ගැනුම්කරුවන් සහ නරඹන්නන්

කලා පොළ සඳහා ජෝන් කීල්ස් පදනම විසින් සත්කාරකත්වය සපයන https://www.srilankanartgallery.com ඩිජිටල් වේදිකාව තුළින් මෙම එළිමහන් ප්‍රදර්ශනය වසර පුරා ප්‍රේක්‍ෂකයන් වෙත ඉදිරිපත් කරයි.

කලාව සහ සංස්කෘතිය යනු ජෝන් කීල්ස් පදනම සිය අවධානය යොමු කරන ක්ෂේත්‍ර හයෙන් එකකි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) හි CSR අංශය, විවිධ කර්මාන්ත අංශ 07ක් තුළ සමාගම් 70කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහයකි.

වසර 150කට වැඩි ඉතිහාසයක් සතු ජෝන් කීල්ස් සමූහය පුද්ගලයන් 14,000කට අධික පිරිසකට රැකියා සපයන අතර පසුගිය වසර 17 තුළ ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය ආයතනය’ ලෙස LMD සඟරාව විසින් ශ්‍රේණිගත කර ඇත. Transparency International Sri Lanka විසින් සංවිධානය කරන ලද ‘ආයතනික වාර්තාකරණ ඇගයීමේ විනිවිදභාවය’ සඳහා අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට JKH පත්ව ඇත. එසේම JKH ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compactහි සහභාගිකයෙකු ද වේ. JKH විසින් “අනාගතය උදෙසා ජාතිය සවිබල ගැන්වීම” යන සමාජ වගකීම් දැක්ම ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන ‘Plasticcycle’ හරහා ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැළකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස ‘Plasticcycle’ වැඩසටහන ක්‍රියා කරයි.

ENDS

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහර්ෂ ද සිල්වා ගෙන් රජයට යෝජනාවක්
Next Article ශුද්ධෝත්තම අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හදිසියෙන් රෝහල් ගත කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.