විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 11ක පොලී රහිත ණය මුදලක් ලබාදීම යළි ඇරඹීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහිදී තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් සාකච්ඡා වට කිහිපයකින් පසු මුදල් අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදී ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.