Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලොවටම පාඩමක් කියාදෙන තායිලන්ත සටන් වීරයා “ටෝනි ජා – Tony Jaa”
Entertainment 16 Views

ලොවටම පාඩමක් කියාදෙන තායිලන්ත සටන් වීරයා “ටෝනි ජා – Tony Jaa”

Buzzer EditorBy Buzzer EditorFebruary 27, 2023Updated:February 27, 2023No Comments7 Mins Read16 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

“Ong Bak” සිනමාපට මාලාව හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කල රංගන ශිල්පියා තමයි ටෝනි ජා (Tony jaa). “Tatchakorn Yeerum” හෙවත් ටෝනි ජා (Tony jaa) උපත ලබන්නෙ 1976 වර්ෂයේ පෙබරවාරි මස 5 වනදා තායිලන්තයේ සූරිම් වල (Surin, Thailand). සූරින් ප්‍රදේෂයේ ඉතා දුෂ්කර ග්‍රාමීය පරිසරයක උපත ලබන ටෝනි ජා “Kuy” ජන කණ්ඩායම නියෝජනය කරන ජන සමාජයකින් පැවත එන්නෙක්. ලාඕස්, කාම්බෝජ හා තයිලන්ත ජනතාව මිශ්‍ර වූ ජන සමාජයක් වූ මේ Kuy වරුන්ට තායි, කාම්බෝජ් හා ලාඕස් භාෂා තුනම කතා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා කුඩා කල සිටම ටෝනිට මෙම භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමේ හැකියාව පැවතුනා. ගොවිතැනින් ජීවත් වූ ටෝනි ජා (Tony jaa)ගේ මව්පියන් ඉතාමත් අඩු පහසුකම් යටතේ ඔහුව උස් මහත් කල අතර උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට තම පුත්‍රයා දිරිගැන්වීමට තරම් ඔවුන්ට ආර්ථිකමය පසුබිමක් තිබුනේ නැහැ.

කුඩා ටෝනි සිනමාපට නැරඹීමට ඇබ්බැහි වූවෙක් වුනා. තම මිත්‍රයන් සමග ටෝනි ජා නිතරම සිනමාපට නරඹන්න නගරයට ගියා. බෲස් ලී, ජෙට් ලී හා ජැකී චෑන් වැනි සටන් නලුවන් තමයි ඔහුගේ නව යොවුන් වියේ වීරයන් වූයේ. නමුත් ටෝනි මෙම රංගන ශිල්පීන් සතු දක්ෂතා රස වින්දෙ වෙනස් විදිහකට. ඔහු, ඔවුන් පිලිබදව හොදින් අධ්‍යනය කලා. ඔවුන් රංගනය සදහාම දක්ෂයන් පමණක් නොවන බව ඔහු කුඩා කාලයේ සිටම තේරුම් ගත්තා. බෲස් ලී දක්ෂ සටන් කරුවෙක් වගෙම ජිට් කුන් ඩෝ (Jeet Kune Do) සටන් ශිල්පයේ නිර්මාතෲ වරයාද වනවා. ඒ වගෙම ඔහු දර්ෂණ වාදියෙක්, සමාජ සේවකයෙක්, බොහෝ දේ පිලිබදව මනා කියවීමක් තිබූ කෙනෙක්. එයින් නොනැවතුනු ඔහු ජීවත් වූ කෙටි කාලය තුල කවියෙක්, චිත්‍ර ශිල්පියෙක් වෙගෙම තිර රචකයෙක් ලෙසත් තම හැකියාවන් පෙන්වූ අයෙක්. ජෙට් ලී ප්‍රකට වූෂූ සටන් ශිල්පියෙක් වුනු අතර පසුව සිනමාපට අධ්‍යක්ෂක වරයෙක් ලෙසත් කටයුතු කලා. ජැකී චෑන් ඉතාමත් කටුක ආරම්භයක් ලබාගත් නලුවෙක්. ඔහු ස්ටන්ට් (Stunt) ශිල්පියෙක් ලෙස රංගනයට එක් වී ක්‍රමයෙන් තම දක්ෂතා වැඩි දියුණු කර ජීවතය ජයගත් පුද්ගලයෙක්. මේ සියලු දෙනාගේම හැකියාවන්, ජීවන රටාවන් මෙන්ම ඔවුන්ගේ දියුණුවේ රහස් ටෝනි ජා හොදින් අධ්‍යනය කලා.

රංගනයට පිවිසීමේ ප්‍රථම පියවර ලෙස කුඩා ටෝනි සටන් කලාවන් හැදෑරීමට පටන් ගත්තා. ඔහුට වයස අවුරුදු 10දී Muay Thai සටන් කලාව හැදෑරීම සදහා ඔහුගේ ප්‍රදේෂයේ පන්සලකට ඔහු ඇතුලත් වුනා. ඔහු පුහුණුවීම් සිදු කලේ තමන්ගෙ පවුලට අයත්ව තිබූ වෙල්‍ යායක වී ඇසුරුම් කරන භූමියේ බවයි වාර්තා වන්නේ. 2004 වසරේ “Time” සගරාව සමග පැවති සාකච්ඡාවකදී ටෝනී පවසා තිබුනේ ඔහු බෲස් ලී හා ජෙට් ලී විසින් සිදුකරන සටන් ජවනිකා වල පෙන්වන පහරදීම් ඒ ආකාරයටම ඔහුටත් සිදු කිරීමට හැකි වන තෙක්ම පුහුණුවීම් වල යෙදුනු බවයි. ජැකී චෑන්ගේ ඉතාමත් අවදානම් ජවනිකා හැකි උපරිම අයුරින් සිදු කිරීමට තමා උත්සහ ගත් බව ඔහු වැඩි දුරටත් පවසා තිබුනා. ඔහු එහිදී හරි අපූරු වදනක් පවසනවා. ඔහු කියනව “What they did was so beautiful, so heroic that I wanted to do it too” ලෙස. ඔහුට කෙතරම් ආසවක් කැපවීමක් ඒ සදහා තිබුනේද යන්න ඉන් මනාවට පැහැදිලි වනවා.

ටෝනිට වයස අවුරුදු 15දී Panna Rittikrai නම් චිත්‍රපට අධ්‍යක්ෂක වරයා ඔහුව හදුනා ගන්නව. ටෝනිගෙ දක්ෂතා අගය කල ඔහු වැඩි දුර අධ්‍යාපනය ලැබීම සදහා ඔහුට Maha Sarakham College of Physical Education නම් විද්‍යාලයට ඔහුට ඇතුලත් වීමට අවස්තාව ලබා දෙනවා. මෙහිදී තමයි ටෝනි මුල් වරට ස්ටන්ට් නලුවෙක් වීමට මූලික අඩිතාලම දමා ගන්නේ. ඔහු එම විද්‍යාලයේ අධ්‍යාපනය ඉතා සාර්ථකව අවසන් කර උපාධිය ලබාගත් බව වාර්තා වනවා. ටෝනි සිනමාවට පිවිසුනේ ස්ටන්ට් ශිල්පියෙක් විදිහට. ඔහුට ඒ සදහාද උපකාර කලේ Rittikrai අධ්‍යක්ෂකතුමා. ටෝනි ප්‍රධාන නලුවා ලෙස රංගනයට එක්වුනු පලමු සිනමාපටය වුනේ 2003 වසරේ තිරගත වුනු Ong Bak පලමු චිත්‍රපටය. ලොව පුරා රසික රසිකාවියන් ටෝනි ජාගේ දක්ෂතා දැක ගන්නේ ඇත්තටම කිව්වොත් ඔහුව හඳුනාගත්තේ මෙම චිත්‍රපටය හරහායි. Ong Bak : Muay Thai Worrior නමින් තිරගත වූ මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක වියදමකින් නිෂ්පාදනය කර ඒ වගේ විසි ගුණයක ආදායමක් උපයන්න සමත් වුනා. චිත්‍රපටය ක්‍රමයෙන් ලොව පුරා ජනප්‍රිය වෙද්දි සිනමා රසිකයන් මේ අලුත් නලුව කවුද කියල හොයන්න බලන්න පටන් ගත්තා. ටෝනිගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් අහස උසට නැගී යන්න පටන් ගත්තෙ මේ අනුවයි.

Ong Bak චිත්‍රපටයේ ඔහු රග දක්වන සටන් ජවනිකා සියල්ලම ඔහු විසින්ම රග දක්වන ලද ඒවායි. ඉතා වේගවත් නර්තනයක් වන් ඔහුගේ සටන් පහරවල් ලොවපුරා රසික රසිකාවියන් උමතු කරන්න සමත් වුනා. බොහෝ සිනමා විචාරකයන් සදහන් කර තිබුනේ බෲස් ලී, ජෙට් ලී මෙන්ම ජැකී චෑන්ටත් වඩා ටෝනිගේ පහරවල් තාත්වික මෙන්ම වේගවත් බවයි. මෙම චිත්‍රපටයේ එක ජවනිකාවක් රග දැක්වීමේදී ටෝනි සැබෑ ලෙසම පිලිස්සුම් තුවාල ලබා මාස 3ක් සිනමාපටයේ රූගත කිරීම් නතර කිරීමටත් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහුගේ අත් පා මෙන්ම ඇහි බැම පවා එහිදී පිලිස්සීමට ලක්වී තිබුනා. ටෝනිගේ දෙවන චිත්‍රපටය වූයේ Tom Yum Goong නම් ඉතාමත් සුන්දර සිනමාපටයයි. මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වූයේ The Protector යන නමින්. ඔබට මෙම සිනමපටයට මතක නම් ලංකාවේ බොහෝ චිත්‍රපට තැටි අලවිකරන වෙලදසැල් වල මෙය විකුණනු ලැබුවේ “Ong Bak කොල්ලගෙ අලුත් චිත්‍රපටය” නමින්.

මේ විදිහට 2006 වසරේ Ong Bak 2 චිත්‍රපටයත්, 2010 වසරේදී Ong Bak 3 චිත්‍රපටයත් තිරගත වුනා. ජැකී චෑන් විසින් කරන ලද දැනුම් දීමකින් ඔහුට Rush Hour 3 සිනමාපටය සදහා රංගනයෙන් දායක වීමට අවස්ථාවක් ලැබුනු නමුත් එවකට Ong Bak 2 චිත්‍රපටයේ පටිගත කිරීම් සඳහා ඔහු සහභාගි වෙමින් සිටි බැවින් ඔහුට එම අවස්ථාව අහිමි වී ගිය බව වාර්තා වනවා. සිනමා දිවියේ ඉතාමත් කාර්‍යය බහුල වූ මේ සුපිරි වීරයාට 2010 වසරේදී යම් විවේකයක් අවශ්‍ය වනවා. උපතින්ම බෞද්ධයෙකු වූ ඔහු තම රාජ්‍යයේ හා තමා අයත් ජන සමාජයේ පැරණි සම්ප්‍රදායන්ට අනුව 2010 වසරේ මැයි මස 28 වනදා තාවකාලික භික්ෂූත්වය ලබා ගන්නව. ඔහු ටික කලක් භික්ෂුවක් ලෙස ධර්මය හදාරමින් සමාජයෙන් ඈත්ව වාසය කිරීමට කටයුතු කලා. වසරක පමණ කාලයකින් පසු නැවතත් රංගනයට පිවිසි ටෝනි හොලිවුඩ් නිර්මාණ රැසකට දායක වුනා. Protector 2, XXX Return of the xander cage, SPL 2, The Expendables 4 වැනි නිර්මාණ රැසක් ඒ අතර වුනා. ගමේ වෙල් ඉපනැල්ලෙ තනියම සටන් පුහුණු වුනු මේ ගැමි තරුණයා අද වනවිට පැමිණ ඇති ගමන් මග පිලිබදව මුලු තායිලන්තයම අභිමානයෙන් යුතුව කතා කරනව.

ටෝනි අවස්තා ගණනාවකදී සම්මානය පාත්‍ර වුනා. Ong Bak, Ong bak 2 හා Protector 1 සිනමාපට සදහා ඔහු සම්මාන උලෙල කිහිපයක හොදම නලුවාට හිමි සම්මානය ජයග්‍රහණය කර තිබෙනවා. ටෝනිගේ දිවියේ ඔහු අංශ කිහිපයකටම දක්ෂතා දක්වනු ලැබූ පුද්ගලයෙක්. ඔහු සැබෑම සටන් ශිල්පියෙක් සේම උස පැනීම, දුර පැනීම වගේ ක්‍රීඩා සදහාත් ජිම්නාස්ටික් ක්‍රීඩාව සදහාත් දක්ෂතා දක්වා තිබෙනවා. කඩු සටන් ශිල්පයත් ඔහු ඉතා ගැඹුරට හදාරා ඇති බවයි වාර්තා වන්නේ. Muay Thai සටන් කලාව හදාරන සමයේ ඔහු කිසිදු තරගයක් පරාජය වී නැහැ. පසු කලක ඔහු තමන් ලද පුහුණුව සාමාන්‍ය ජනතාවට බෙදා දුන් අතර පුහුණු කදවුරු කිහිපයක්ම සංවිධානය කරමින් ඔහු Muay Thai සටන් කලාව ලොවපුරා ප්‍රචලිත කිරීමට දායක වුනා. 2005 වසරේ හොංකොං වල ඔහු සංවිධානය කල Muay Thai සටන් පුහුණු කදවුර මෙතෙක් ලොව සංවිධානය වූ විශාලම Muay Thai කදවුර වූ අතර එයට පුද්ගලයන් 1000කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබුනා.

ටෝනිගේ ප්‍රේමවන්තිය ලෙස ඔහු දිගු කාලයක් ඇසුරු කල Piyarat Chotiwattananont නම් තරුණිය සමග ඔහු 2012 වසරේදී විවාහ වුනු අතර මේ යුවලට අද වනවිට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගෙම පරිසරයට හා සතුන්ට ඉතාමත් ආදරය දක්වන පුද්ගලයෙක් වන මේ සුන්දර මිනිසා සුරතුලුන් ලෙස ඇති දැඩි කරන්නේ අලියන් දෙදෙනෙක්. අද වන විට ඔහු තමා කුඩා කල සිහින දුටු නලුවා බවට පත්වී තිබෙනවා. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය නලුවෙක්ට එහා ගිය බෲස් ලී, ජෙට් ලී ජැකී චෑන් වැනි නලුවෙක් බවට පත් වීමටයි. ඔහු අද වන විට ඒ සිහිනය සැබෑ කරගෙන තිබෙනවා. රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්, සටන් පුහුණු කරුවෙක් හා උපදේෂකයෙක් වගෙම ප්‍රකට සමාජ සේවකයෙකු ලෙසත් අද ලොවපුරා මාධ්‍ය ඔහුව හදුන්වා දෙනවා. ටෝනි උත්සහයෙන් හා ධෛරයෙන් යුතුව දිගු ගමනක් කෙටි කලකින් පැමිණි දක්ෂයෙක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. අද වනවිට ඔහු සතුව ඇමරිකානු ඩොලර් මිලියන 12ක පමණ වත්කමක් පවතින බව වාර්තා වනවා. ඇත්තටම ඔහුගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ෂ බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම කරුණ නම් තමන්ගේ සිහින හඹායෑම කිසිදා අත්නොහැරීම හා ඒ සදහා කැපවීමෙන් යුතුව කටයුතු කිරීම. (Manthrana.com)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Entertainment featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමයන්ත මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ
Next Article දෙසැම්බර් වනවිට විදුලිබිලෙහි අඩු වීමක් – විදුලිබල හා බලශක්ති ඇමති
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.