රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් තුර්කිය කැලැඹිණි. සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව හට ගත්තේය.
භූමි කම්පාවට පසු අතුරු කම්පන අවම වශයෙන් 40 ක් පමණ ඇති ව තිබේ.එක් පසු කම්පනයක ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ගත් බව තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.
භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි.
සිරියානු සහ තුර්කි වැසියන් නින්දේ පසුවෙද්දී මෙම භූමි කම්පාව හට ගෙන ඇත. සිරියානු අග නගරය වන ඩමස්කස් හි බලධාරීන් රජයේ පාලන ප්‍රදේශවල භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 582 ක් බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර තුර්කියේ භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන 1014 ක් බව තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ තුර්කියේ සහ උතුරු සිරියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගණන 1596 ක් දක්වා වැඩි වී තිබේ.
තුර්කියේ පමණක් පුද්ගලයන් 5383 තුවාල ලබා ඇති අතර තුර්කියේ ප්‍රධාන නගර වල විනාශ වූ නිවාස සහ ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයන් මුදවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී තුවාල ලැබූ සංඛ්‍යාව සහ මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් තුර්කි බලධාරීන් ප්‍රකාශ කර ඇත.එසේම මෙම භූමි කම්පාව තුර්කියේ මෙතෙක් ඇති වූ ප්රබලතම භූමි කම්පාව විය හැකි බවත් පසුගිය අවුරුදු 40 ක කාලය තුළ සිරියාවේ ඇති වූ ප්රබලතම භූමි කම්පාව මෙය බවත් දෙරටේ බලධාරීන් පෙන්වා දී තිබේ. (රොයිටර්)


තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.