Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එංගලන්ත ලයන්ස් ශ්‍රී ලංකා ඒ සිව්දින සටන ජය පරාජයෙන් තොරයි
Sports 6 Views

එංගලන්ත ලයන්ස් ශ්‍රී ලංකා ඒ සිව්දින සටන ජය පරාජයෙන් තොරයි

Buzzer EditorBy Buzzer EditorFebruary 4, 2023No Comments3 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැති පළමු සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ සවස ඇතිවූ වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිමේ 48 වන පන්දුවාරය අවසන් වූ පසු ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් යළි තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ වන විට වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 221 ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගය ජය ගැනීම සඳහා කඩුලු තුනක් අවශ්‍යව තිබූ අතර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් තවත් ලකුණු 111 ක් රැස් කර ගත යුතුව තිබුණි. ලකුණු 333ක ඉලක්කයක් හඹා යෑමට ඊයේ දවල් පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 71කට බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් ලීස් ගේ කඩුල්ල සිය පළමු පන්දු වාරයේ තුන්වෙනි පන්දුවේදී දවාගත් මිලාන් රත්නායක පළමු ඉනිමේ ශතක ලාභී ටොම් හේන්ස් ගේ කඩුල්ල ද එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 29ක් ලෙස සටහන් වනවිට දවා ගත්තේය.

ටොම් හේන්ස් ලකුණු 20ක් ලබා ගත් අතර මිලාන් සිය තෙවැනි කඩුල්ල ලෙස නායක හසීබ් හමීඩ්වද දවා ගනිමින් සංචාරක කණ්ඩායමට ප්‍රබල අනතුරු ඇඟවීමක් කළේය. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 84ක සම්බන්ධතාවක් පැවැත්වීමට ජොස් බොහනන් සහ ජැක් හේන්ස් සමත් වූහ. එම සම්බන්ධතාව නොවුණි නම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය කිරීමට පවා අවස්ථාවක් තිබුණි. එංගලන්ත දෙවෙනි ඉනිමට එරෙහිව පන්දු යැවීම ආරම්භ කළ ලසිත් ඇඹුල්දෙනිය පන්දුවාර 19ක් ක්‍රියාත්මක කළද ඔහුට එක් කඩුල්ල ක් හෝ දවා ගැනීමට නොහැකි විය. ලක්ශිත මනසිංහ කඩුලු 2ක් දවාගත් අතර අම්ශි ද සිල්වා එක් කඩුල්ල ක් දවා ගත්තේය.

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 580 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 663 ක් ලෙස තම දෙවෙනි ඉනිම අත්හිටුවන ලදී. ඒ අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 83ක් තම ඉනිමට එකතු කර ගත් අතර එහි දී කඩුලු හයක් අහිමිව ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ දිනයේ දැවීගිය පළමු පිතිකරුවා ලෙස ද්විත්ව ශතකලාභී නිශාන් මදුශ්ක ලකුණු 241ක් ලබා සිටියදී දැවී ගියේ ය. ඊයේ දිනයේදී ඔහු ලකුණු 34ක් තම ඉනිමට එකතු කරගත් අතර ඊට හයේ පහර දෙකක් ද ඇතුළත් වූයේය.

නායක නිපුන් ධනංජය ඒ අතරවාරයේදී සිය ශතකය සම්පූර්ණ කර ගත් අතර ඔහු ලකුණු 128ක් ලබා ගත්තේය. පන්දු 170කදී ලකුණු වාර්තා වූ නිපුන් ධනංජයගේ ඉනිම ට හතරේ පහර 18ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය. නිශාන් මදුශ්ක සහ නිපුන් ධනංජය අතර 4 වෙනි කඩුල්ල සඳහා ලකුණු 215ක සම්බන්ධතාවක් පැවති අතර එය ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ දෙවැනි ද්විත්ව ශතක සම්බන්ධතාව වූ අතර පළමු කඩුල්ල සඳහා ද ලකුණු 203ක සම්බන්ධතාවක් ඕශධ ප්‍රනාන්දු සහ නිශාන් මදුශ්ක අතර වාර්තා විණි. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 654ක් ලෙස සටහන් වෙද්දී නිශාන් මදුශ්ක 4 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඉන් අනතුරුව තවත් ලකුණු 19ක් තුළදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් බිඳ වැටුණි.

පළමු ඉනිමේදී ලකුණු බින්දුවකට දැවී ගිය දුනිත් වෙල්ලාලගේ මෙම ඉනිමේ දී ද ලකුණු නොලබා දුවද්දී දැවී ගියේය. පන්දු යැවීමේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ජැක් කාර්සන් කඩුලු 4ක් සහ ලියාම් පැටර්සන් කඩුලු 3ක් දවා ගන්නා ලදී.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම: 136/10
එංගලන්ත ලයන්ස් පළමු ඉනිම: 467/10
ශ්‍රී ලංකා ඒ දෙවෙනි ඉනිම: 663/9
එංගලන්ත ලයන්ස් දෙවැනි ඉනිම: 221/7

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකා මාතාව සිය 75 වැනි ජාතික නිදහස් දිනය සමරයි
Next Article ලාංකේය තරු දෙපලක් IFFR සිනමා උළෙලේදී සම්මාන වලින් පිදුම් ලබයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.