Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අප විශ්වය කෙතරම් වේගයකින් ප්‍රසාරණය වෙනවාදැයි දන්නවාද?
Science & Tech 11 Views

අප විශ්වය කෙතරම් වේගයකින් ප්‍රසාරණය වෙනවාදැයි දන්නවාද?

Buzzer EditorBy Buzzer EditorJanuary 24, 2023No Comments3 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

විසිවන සියවසේ මුල් භාගයේදී Vesto Slipher විසින් සර්පිලාකාර නිහාරිකා නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහුට නිගමනය කිරීමට හැකි වූයේ නිහාරිකා කිහිපයක් හැර (ඇන්ඩ්‍රෝමීඩා වැනි) අනෙකුත් සර්පිලාකාර නිහාරිකා පෘථිවියෙන් ඈත් වන බවයි. 1925 දී එඩ්වින් හබල් (Edwin Hubble) විසින් ඇන්ඩ්‍රෝමීඩා වල සෙෆීඩ් විචල්‍ය තාරකා (Cepheid variable stars) සොයා ගැනීමත් සමග තහවුරු කළේ සර්පිලාකාර නිහාරිකා සැබවින්ම වෙනම මන්දාකිණි බවයි. මෙම ස්පන්දන තාරකා (pulsating stars) කාලයත්-දීප්තියත් අතර ඇති නීතියට එකඟ වේ. ඇත්ත වශයෙන්ම, ආලෝක විචලනය පවතින කාලය වැඩි වන තරමට තරුව දීප්තිමත්ව පවතී. එමඟින් ඒවායේ දුර තීරණය කිරීමට හැකි වේ. අනෙක් තාරකා විද්‍යාඥයින් මුලදී සැක කළ දෙය සනාථ කරමින්, ඇන්ඩ්‍රෝමීඩාට අපේ මන්දාකිනියේ කොටසක් වීමට නොහැකි තරම් දුරින් ඇති බව, හබල් සොයා ගත්තේය: සර්පිලාකාර නිහාරිකා ඇත්තෙන්ම වෙනම මන්දාකිණි ය.

ස්ලිෆර්ගේ (Slipher) සහ අනෙකුත් අයගේ දත්ත උපයෝගී කරගනිමින් 1927 දී ජෝර්ජස් ලෙමාට්රේ (Georges Lemaître) විසින් තාවකාලිකව තීරණය කළේ මන්දාකිනි සහ අප අතර දුර වැඩි වන තරමටම, එය අපගෙන් වේගයෙන් ඈත් වන බවයි. කෙසේ වෙතත්, ඔහු සිය පර්යේෂණ ලිපිය ප්‍රංශ භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අතර, එනිසා එය එතරම් ප්‍රසිද්ද වුයේ නැත. හබල් විසින් ස්වාධීනව (සහ වඩා හොඳ දත්ත සහිතව) 1929 දී එම සම්බන්ධයම ප්‍රකාශයට පත් කළ අතර, වර්තමානයේ හබල් නීතිය (Hubble’s Law) ලෙස හැඳින්වෙන දේ සොයා ගැනීමේ ගෞරවය ඔහුට හිමි වේ. ඔහු මෙම නීතිය ප්‍රකාශයට පත් කළේ v = H0d සමීකරණයෙනි. මන්දාකිණියේ වේගය වන v ඇත්තේ තත්පරයට කිලෝමීටර් වලින් වන අතර d යනු මෙගාපාර්සෙක්ස් (megaparsecs) වලින් පෘථිවියේ සිට මන්දාකිණියට ඇති දුර වන අතර මෙගාපාර්සෙක් 1 ක් යනු ආලෝක වර්ෂ මිලියන 3.25 කි.

H0 යනු හබල් නියතයි (ඒකකය – km/s/Mpc). එම නියතයෙන් අදහස් කරන්නේ පෘථිවිය සහ මන්දාකිණියක් අතර ඇති සෑම මෙගාපාර්සෙක් එකක දුරකටම එම මන්දාකිනියේ වේගය (km/s වලින්) නියත අගයකින් වැඩි වන බවයි. මේ වේගය ඇත්ත වශයෙන්ම අවකාශය හරහා මන්දාකිණි ගමන් කරන වේගයක් නොව, විශ්වයේ ප්‍රසාරණය වීම මැනීමේ මිනුමකි.

මන්දාකිණි වලට ඇති දුර මැනීමේ අවිනිශ්චිතතාවයන් හේතුවෙන්, H0 වල නිවැරදිම අගය නිර්ණය කිරීම දුෂ්කර වී ඇත. හබල්ගේ දුර ගණනය කිරීම් වල දෝෂ හේතුවෙන් හබල් විසින් මුලදී H0 නියතයට 500 km/s/Mpc වටිනාකමක් පවරන ලද නමුත් තාරකා විද්‍යාඥයින් විසින් වැඩි කල් නොගොස් එය 50 km/s/Mpc ත් 100 km/s/Mpc ත් අතර අගයකට අඩු කරන ලදී.

දැනට H0 සඳහා තාරකා විද්‍යාඥයින් අතර පරස්පර විරෝධී අගයන් දෙකක් තිබේ. සෙෆීඩ් විචල්‍ය තාරකා (Cepheid variable stars) නිරීක්ෂණය කිරීමෙන් ඈත මන්දාකිණි වලට ඇති දුර හඳුනා ගැනීම සඳහා හබල් දුරේක්ෂය උපයෝගී කරගනිමින් සිදු කෙරෙන දැවැන්ත ව්‍යාපෘතිය මගින් H0 ගේ අගය 73.8 km/s/Mpc ලෙස ලබා දෙයි. නමුත් මෙම අගය ප්ලෑන්ක් (Planck) අභ්‍යවකාශ යානයේ කොස්මික් මයික්‍රෝවේව් පසුබිම (CMB – cosmic microwave background) මැනීම මත පදනම් වූ අගයට තරමක් එකඟ නොවේ: 67.80 km/s/Mpc.

මේ අගයන් අතර වෙනසක් පවතින්නේ ඇයි දැයි තාරකා විද්‍යාඥයින් තවමත් නොදනියි.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ
Next Article පෙර මසට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ අඩු උද්ධමනයක්
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.