වසර අවසානයේ නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් පොලිසිය වෙන් කර තිබෙනවා.
ඒ අනුව නෙළුම් කුළුණ ආශ්රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඩ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
එසේම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්රිත වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට MOD රථගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන ගාල් කිරීමේ අවස්ථාව හිමි වන බවයි සඳහන් වන්නේ.

