අද (13) පැවැත්වෙන රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි 2023 වසරේ ජනවාරි 5 වැනිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.
2023 ජනවාරි 05, බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.