2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (24) පැවති තරඟ 04 න් ජයග්රහණ ලබා ගැනීමට පෘතුගාලය, ස්විට්සර්ලන්තය, බ්රසීලය යන කණ්ඩායම් සමත් වූ අතර උරුගුවේ කණ්ඩායම හා දකුණු කොරියානු කණ්ඩායම අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
පළමු තරඟය ලෙස G කාණ්ඩයේ ස්විට්සර්ලන්ත කණ්ඩායම හා කැමරූන් කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට ස්විට්සර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායමේ Breel Embolo එම ගෝලය වාර්තා කළා.
දෙවන තරඟය ලෙස H කාණ්ඩයේ උරුගුවේ කණ්ඩායම හා දකුණු කොරියානු කණ්ඩායම අතර පැවති තරඟයෙදී කිසිඳු කණ්ඩායමක් ගෝල වාර්තා නොකරීම හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එසේම පෘතුගාල කණ්ඩායම හා ඝානා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 03-02 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පෘතුගාල කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම නියෝජනය කරන ලොව සුපිරි පාපන්දු ක්රීඩක Cristiano Ronaldo එක් ගෝලයක් වාර්තා කළ අතර Joao Felix හා Rafael Leao ගෝල වාර්තා කළා.
මේ අතර බ්රසීල කණ්ඩායම හා සර්බියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 02-0 ක් ලෙස ජය ගැනීමට බ්රසීල කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Richarlison විසින් එම ගෝල 02 වාර්තා කිරීමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.