මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින සාකච්ඡා වටය අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාළ ගිවිසුම ප්‍රසිද්ධ නොකරන ලෙස එම අරමුදල දැනුම් දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එහිදීද යම් සංශෝධන සිදුවිය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව එම සාකච්ඡා ද අවසන් වූ පසු එය ප්‍රකාශයට පත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා අනෙකුත් පාර්ශ්වවල අත්සන් ලබා ගැනීම මේ වන විට සිදුකළ යුතුව ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.