Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මොනවද මේ දැරිය නොදැරිය යුතු වේග?
Lifestyle 36 Views

මොනවද මේ දැරිය නොදැරිය යුතු වේග?

Buzzer EditorBy Buzzer EditorOctober 27, 2022No Comments3 Mins Read36 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග හා දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරව දක්වා ඇත. මෙම වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝග හටගනී.

වේග ධාරණය

පුද්ගලයකුට සෑම අවස්ථාවකදීම ඇතිවන සෑම ක්‍රියාවක් තමා විසින් වුවමනාවෙන් දරා සිටීම වේග ධාරණයයි. ආයුර්වේදයේ ශාරීරික වේග තමාට දැනුණු අවස්ථාවේදීම පහ කළ යුතු බව දන්වා ඇත. ඒ නිසා එම වේග නොදැරිය යුතු වේග ලෙස හඳුන්වයි. අද බොහෝ දෙනකු කාර්ය බහුල අවිවේකී ජීවිතයකට හුරුපුරුදු වී ඇති බැවින් වුවමනාවෙන් දරා සිටීමට පුරුදු වී සිටී. එය නොයෙක් රෝගයන්ට ප්‍රධාන හේතුවකි.

ආයුර්වේදය අංග සම්පූර්ණ වෛද්‍ය ක්‍රමයකි. එය මිනිසාගේ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතය සඳහා අවශ්‍ය සෑම කරුණක්ම විධිමත්ව සකස් කර ග්‍රන්ථ ගත කර ඇත. එහි සඳහන් දින චර්යා විධි යටතේ මිනිසා උදෑසන අවදි වීම, ආගම, ධර්මය සිහිකර මනස පවිත්‍ර කළ යුතු බව දක්වයි.

පසුව වාත, මල, මුත්‍රා ආදී වූ ශාරීරික වේග පහකර සිරුර සැහැල්ලු කළ යුතු බව දක්වා ඇත. මානසික සුවය උදෙසා අහිතකර සිතුවිලි පාලනයක් ශාරීරික පිරිසුදු බව රැකගැනීමට ශාරීරික වේග පහ කිරීමත් දෛනිකව කළ යුතු වැදගත්ම කාර්යයකි. මෙය ආයුෂ රැක ගැනීමට හා වැඩිකර ගැනීමට වැදගත්ම අවශ්‍ය වන්නා වූ පිළිවෙත් රැසකි.

දැරිය යුතු වේග

දැරිය යුතු වේග ලෙස හඳුන්වා දී ඇත්තේ හිතේ හටගන්නා අහිතකර සිතුවිලිය. මේවා මානසික වේගයන්ය.

ලෝභය, ක්‍රෝධය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, මසුරුකම මෙවැනි අහිතකර සිතුවිලි සිත පාලනය කිරීම මඟින් දරා ගත යුතුය. එම රෝග පාලනය නොකළ කල්හි සිතීම වේගවත් වේ. එවිට වචන හා ක්‍රියාද වේගවත් වේ.

මෙම පුද්ගලයා මානසික දෝෂ කෝපතාව හා ශාරීරික දෝෂ කෝපතාව ඇති රෝගියෙක් බවට පත් වේ. එමෙන්ම පාලනය නොවූ අහිතකර සිතුවිලි ඇති එම තැනැත්තා සමාජයට පීඩාකාරි පුද්ගලයකු බවට ද පත්වේ.

එම නිසා මානසික වේග ධාරණය සිදු කරන තැනැත්තාට මෙලොවදී සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයක් ගත කළ හැකි බවත් පරලොවදී මොක්සුවය ලබාගත හැකි බවත් ආයුර්වේදයේ සඳහන් කර ඇත.

නොදැරිය යුතු වේග

ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරිරික වේගයන්ය.

මළ වේග, මුත්‍රා වේග, වාත වේග, වමන වේග, කිවිසුම් වේග, කාස වේග, ඈනුම් වේග, බඩගිනි වේග, පිපාසා වේග, නිද්‍රා වේග, පීඩාවෙන් උපන් ශ්වාස වේග, ශුක්‍ර වේග වශයෙන් සඳහන් වේ.

කාස වේග දරා සිටීම

කැස්ස හටගත් විටදී එය වැළැක්වීමෙන් කැස්ස වැඩිවීම, හතිය ඇතිවීම, ආහාර අරුචිය, හෘදයාබාධ, ඇඟපත වියළීම, හික්කාව ආදී ලෙඩ හටගනී.

මුත්‍රා වේග දරා සිටීම

මුත්‍රා පහ කිරීම සඳහා වන වුවමනාව දරා සිටීම නිසා යටිබඩෙහි වේදනාව, හිසරදය, මූත්‍රා ගල් ආදී රෝග හටගනී.

මල වේග දරා සිටීම

මල පහ කිරීම සඳහා වන වුවමනාව දරා සිටීම නිසා හිසරදය, බඩ පිපුම, කට ගඳ ගැසීම, කෙණ්ඩ පෙරළීම ආදී ලෙඩ හටගනී.

වමන වේග දරා සිටීම

වමනය අවශ්‍ය වූ විට එය වැළැක්වීමෙන් සිරුරේ කැසීම, හමේ ලෙඩ, පාණ්ඩු රෝග, ඉදිමුම, උණ, කැස්ස, හතිය වැනි රෝගාබාධ ඇතිවේ.

ඈනුම් වේග දරා සිටීම

ඈනුම් යෑම වුවමනාවෙන් වැළකීම හේතුවෙන් හිසරදය සිරුරේ ඉන්ද්‍රිය දුර්වල බව හා නොයෙක් වාත රෝග හට ගනී.

බඩගිනි වේග දරා සිටීම

කෑම බීම නොගෙන කුසගින්න දරා සිටීම නිසා ආහාර අරුචිය, ගිලන්බව, ඇඟපත දුබල බව කරකැවිල්ල වැනි රෝග හටගනී.

කඳුළු වේග දරා සිටීම

කඳුළු ගැලීම උත්සාහයෙන් වැළැක්වීමෙන් පීනස, ඇස් රෝග, හිසරදය, හෘද රෝග, අරුචිය ආදී වූ රෝග තත්ත්වයන් ඇතිවේ.

පිපාසා වේග දරා සිටීම

පිපාසය ඇතිවූ කල්හි එය දරාසිටීමෙන් දෙතොල්හි වියළි බව, සිරුරේ අප්‍රාණික බව, බිහිරි බව, සිහි මුළාවීම, කරකැවිල්ල, හෘදයාබාධය ආදිය හට ගනී.

වාත වේග දරා සිටීම

ශුක්‍ර ධාතුව පිටවීම වැළැක්වීමෙන් එම ඉන්ද්‍රිය වේදනාව, අණ්ඩ කෝෂ ඉදිමුම, මුත්‍රා ගල් ඇතිවීම, මූත්‍රා පිට නොවීම, හෘදය හා ඇඟපත වේදනාව ආදී ලෙඩ හට ගනී.

නිද්‍රාවේග දරා සිටීම

නින්ද ඇති වූ විට නොනිදා සිටීමෙන් හිසේ ලෙඩ ඇස්වල බර බව, ඈනුම් යෑම ක්ලාන්තය හට ගනී.

පීඩාවෙන් උපන් ශ්වාස වේග දරා සිටීම

වෙහෙස වීමෙන් පසුව ඇතිවන හතිය වුවමනාවෙන් දරා ගැනීමෙන් හෘදය වේදනාව හෘද රෝග, සිහිමුර්ඡාවීම, උදර ඩාදිය වැනි රෝග ඇතිවේ.

මහරගම, නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධනගේ සටහනක් ඇසුරිණි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured Lifestyle medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅයවැය නොවැම්බර් 14 වනදා
Next Article ඇමෙරිකානු නියෝජිතයින් හා මහ බැංකු අධිපති අතර හමුවක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News July 21, 20262 Views

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

By Buzzer EditorialJuly 21, 202602 Views

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක නව තීරු බද්දක් පනවා…

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.