Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි
Medical 8 Views

මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි

Buzzer EditorialBy Buzzer EditorialJune 1, 2026No Comments2 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් බවයි.

ඇය පැවසුවේ මෙම රෝගී තත්ත්වය මුලින්ම අප්‍රේල් 15 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වූ බවය.

වාර්තා වී ඇති රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් වන අතර, ඊයේ (31) පස්වරුව වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බවත්, අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.

උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර වන අතර, වෛරස් මෙනින්ජයිටීස් රෝගය බොහෝවිට දින කිහිපයක් ඇතුළත සුව වන බවද ඇය පැවසුවාය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන සහ පාලන කටයුතු සඳහා විශේෂ කමිටු පත්කර ඇති අතර, අපිරිසිදු පානීය ජල මූලාශ්‍ර රෝග ව්‍යාප්තියට හේතු විය හැකි බැවින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ මගින් විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

දරුවන්ගේ ආහාර එකිනෙකා අතර හුවමාරු නොකරන ලෙසත්, සෑම විටම පිරිසිදු හා උණුකර නිවාගත් ජලය භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබාදී ඇත.

featured medical News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති
Next Article 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වෙයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.