Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්
News 3 Views

චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්

Buzzer EditorialBy Buzzer EditorialMay 26, 2026No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23දෙනා එළැඹෙන ජුනි 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය නියෝග කළාය.

එම චිවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. 

සියලුම නඩුවල තුන්වන සැකකරු ලෙස නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා මුල්වරට අධිකරණයට ඉදිරිපත් කරන බැවින් එම පුද්ගලයා පමණක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළේය.

රිමාන්ඩ් දිර්ඝ සඳහා දිනකට නඩු සිය ගණනක් කැඳවන බැවින් කුඩා සිරකුටියේ සැකකරුවන්ට සිටිමට අපහසු බැවින් එලෙස මාර්ගගත ක්‍රමය යටතේ නඩු කැඳවන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය. 

එහිදී මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ ශාලාවේ විශාල සෙනඟක් සිටින බැවින් එකී සැකකාර ස්වාමීන් වහන්සේලාට බිම ඉඳගෙන සිටිමට වන බවත් එම කුඩා කුටියේ සිය ගණනකට හුස්ම ගැනීමට පවා අපහසු වන බැවින් මේ ආකාරයට රිමාන්ඩ් නඩු මාර්ගගත ක්‍රමය යටතේ කැඳවන බවය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් 22, අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.

ඒ අනුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අවස්ථාව වලදී ද මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එම සඳහා ඊට ආධාර අනුබල දුන් මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 8වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 9වනදා ඉදිරිපත් කළ අතර 14 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පසුගිය නඩු වාරයේදී ප්‍රමාදයට හේතු දැක්වීය.

එහිදී නිලධාරීන් කියා සිටියේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝශයකට ලක් වූ බැවින් එකී ප්‍රමාදය සිදු වු බවය. 

මින් ඉදිරියට එසේ නොවන බවත් 9.00 වන විට අධිකරණයට පැමිණෙන බවත් සඳහන් කළ නිලධාරීන් සමාව අයැද සිටියහ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය දැඩිව අවවාද කරමින් සඳහන් කළේ සිටියේ අධිකරණ කටයුතු 9.00ට පටන් ගන්නා බැවින් මෙසේ ප්‍රමාද වීම යුතු නොවන බවය. 

“මේක සාමාන්‍ය නඩුවක් නෙවෙයි, ඔයලා එනකං අධිකරණයට බලන් ඉන්න බෑ. මෙි නඩුව වෙනස් සංවේදී හැමෝගෙම අවධානය යොමු වෙන නඩුවක්, ඒ නිසා වෙලාවට එන්න. මින් ඉදිරියට එසේ සිදුවෙන්න බෑ” යැයි මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා සඳහන් කළේ රාජා අන්වර් නැමති සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බවත් ය. 

එම පුද්ගලයා පුන්‍යරතන හාමුදුරුවෝ සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද එම නිලධාරියා පෙන්වා දුන්නේ ය.

ඉන් අනතුරුව නඩු 22ක සම්බන්ධයෙන් කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවය. 

ඒ අනුව වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22කට සැකකරුවන් 8දෙනෙකු ලෙස නම් කෙරිණි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය මෙම පිරිස එළැඹෙන ජුනි මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. ඒ අනුව,

01.මාලිගාවිල ස්වර්ණාලොක හිමි.
02.ගල්වත්තේ සුනන්ද හිමි. 
03.මාදලේ රාහුල හිමි
04.ඇතිමලේ සුභෝධාලංකාර හිමි
05.දම්මල ගුණානන්ද හිමි
06.පන්නල අමරබුද්ධි හිමි
07.මාරඹ ජෝති රතන හිමි
08.හදගනාවේ නන්දරතන හිමි
09.දෙමටනාවේ මහානාමතිලක හිමි
10.පොතුපිටියේ සමිත හිමි
11.මහවඩුගේ සද්ධානන්ද හිමි
12.නිකපොත සුමනරක්ඛිත හිමි
13.වාහල්කඩ අරියරක්ඛිත හිමි
14. රණාලේ ඤාණතුසිත හිමි
15.හිදිගහවත්තේ සීලරතන හිමි
16.නුගගොල්ලේ පවරසිරි හිමි
17.ලුණුගම්වෙහෙරේ වේළුසුමන හිමි
18.ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි
19.සියඹලාපේ අමිතරංසි හිමි
20.අකුරැස්සේ ජිනරතන හිමි
21.රිදීඇල සුමනරතන හිම්
22.බුල්ගල්ලේ ජිනානන්ද හිමි
23. අගුණකොලේ අමිතානන්ද හිමි
24.වන්ද්‍රකුමාර දයාරත්න 
25.මහමුද් මොහොමඩ් 

යන 25දෙනා ලබන ජුනි 09 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අත්අඩංගුවට ගැනීමට සිටින සැකකරුවන් හතර දෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරේ.

ඒ අනුව මොහොමඩ් අබ්දුල්ලා, රනාලේ ඥානසිල හිමි, බෙල්පිටියේ දම්මරක්කිත, අඹගස්මුල්ලේ පුන්‍යරතන යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් කරුණාරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
Next Article රට ඇත්තේ භයංකාර ආර්ථික අර්බුදයක් අබියසයි – සජිත් ප්‍රේමදාස
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.