ඊයේ (07) දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට කටයුතු කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සරත් රත්නායක පවසා සිටියේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් ඊයේ දිනයේ කොළඹට රැගෙන ආ බවයි.
එමෙන්ම කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.