ලකේගල (Lakegala) ඉතා පැරැණි ඉතිහාසයකට උරුමකම් තියෙන අපගේ රටේ සැඟවුණු ස්ථාන බොහෝ ප්‍රමාණයක් තියෙනවා…
එවැනි එක ස්ථානයක් ලෙසට “ලකේගල” හදුන්වන්න පුළුවන්. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන මෙය රාවණා යන නාමය සමඟ තදින් බැදී පවති.. මෙම භූමිය ගොඩක් වටිනා ඓතිහාසික කතා රැසකට උරුමකම් කියන පාරිශුද්ධ භූමයකි..
විද්වත් මතය වන්නේ මෙම පර්වත මුදුනේ රාවනා රජතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථායක් තිබී ඇති අතර මෙහි ස්වභාවයෙන්ම ඇති මායාමය පිහිටීම නිසා රාවනා රජු මෙය ස්වභාවික බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇති බවයි…
මහා රාවණා යුගයේදී මෙය ස්වභාවික පිරමීඩයක් විදිහට භාවිතයට ගෙන තිබෙන බව ජනප්‍රවාදයන්ගෙන් කියවෙයි. මෙම ලකේගලෙහි ඇති විශේෂත්වය වන්නේ එය බැලූ බැලූ විට වෙනස් වන කළු ගලක් වීමයි.
ඒනම් මෙම කන්ද දෙස එක් පාරක් බැලීමෙන් පසුව අඩි කිහිපයක් ඉදිරියට ගොස් ආයේ හැරිලා බැලුවමත් මෙහි ඇති හැඩය කිසියම් වෙනස් වීමකට ලක්වී දිස් වෙන බවයි.. මේ කන්ද තරණය කිරිම අසීරු වෙන්නේ මෙහි ඇති ස්වාභාවික පිහිටීම හේතුවෙන් …
මේ අසල ජීවත් වන මිනිසුන්ගේ ශරීර ලක්ෂණ පැරණි යක්ෂ ගෝත්රිකයින්ගේ ශරිර ලක්ෂණයන්ට සමානකමක් දක්වන අතර ලකේගල ජනයා අදටත් රාවණා රජු ඉතා භක්තියෙන් අදහනු ලබයි.. (aayubo)




Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් වැඩි විස්තර දැනගන්න.