හෙට (20) දිනයේ සිට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.
කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට මෙය ක්‍රියාත්මක වන අතර රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03.00 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
පාසල් බලධාරීන් හට තම අයදුම්පත්‍ර www.parliament.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉල්ලුම් කළ හැකි අතර 011 2 777 473 හෝ 335 යන අංකවලට ෆැක්ස් පණිවුඩයක් යොමු කළ හැකි බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.