නුවරඑලිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයක් නුවරඑලිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්විමෙන් එම බවුසර් රථයේ ගමන් ගත රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කල ඉන්ධන කාන්දු වන බව නුවරඑලිය පොලිසිය සඳහන් කර සිටියි.
කොලොන්නාවේ සිට නුවරඑලිය දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථය නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් කිරිමෙන් අනතුරුව කැප්පටිපොල සහ වැලිමඩ යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් කිරිම සදහා බවුසර් රථය ධාවනය කරන අවස්ථාවේ දී හග්ගල උද්භිත උද්‍යානයට ආසන්නයේ පිහිටි මහ වංගුව ප්‍රදේශයේදි ඊයේ දින රාත්‍රි 12ට පමණ අධික බැවුමක් සහ වංගුවක් සහිත ප්‍රදේශයේදි බවුසර් රථය රියදුරු පාලනයෙන් මිදි මිටර් 20 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි එලවළු වගා භුමියකට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සිදු වන අවස්තාවේ බවුසර් රථයේ ඩිසල් ලිටර් 13,000 පමණ තිබු බවත්, බවුසර් රථයෙන් ඉන්ධන කාන්දු වු බවත්, කාන්දු වු ඉන්ධන ප්‍රදේශවාසින් බූලි සහ කෑන් වලට රැස් කර රැගෙන ගොස් ඇති බවත් තවත් ඉන්ධන තොගයක් පරිසරයට කාන්දු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙම මහ වංගුව ප්‍රදේශයේදි මිට ප්‍රථම අවස්තා කිහිපයකදි රිය අනතුරු ගණනාවක් සිදු වි ඇති බව හග්ගල ප්‍රදේශවාසින් සඳහන් කලේ.
අනතුරෙන් බවුසර් රථය දැඩි අලාභ හානි සිදු වි ඇති බව පොලිසිය පැවසුවේ. (නෙත් නිව්ස්)