සූර්යයාගේ පිටත වායුගෝලය වන “Sun’s Corona” කලාපය යනු සූර්ය සුළං වල ප්රභවය වන අතර මෙහිදී සූර්යයාගෙන් ආරෝපිත අංශු ස්ථාවරව ගලා යයි. මේ අංශු සතුව, මුළු සූර්යගෝලය -[heliosphere] (ප්ලුටෝගේ කක්ශයටත් එහාට ගිය අවකාශයක් දක්වා පැතිරුණු කලාපයක්) පුරාම විහිදී යා හැකි තරමේ ශක්තියක් අඩංගු වේ. මෙම අංශු පෘථිවි කක්ෂය පසුකර ගලා යන විට, ඒවා සාමාන්‍යයෙන් තත්පරයට කිලෝමීටර් 400 ක වේගයෙන් ගමන් කරයි. සූර්යයාට තත්පරයට ටොන් මිලියනයකට වඩා අංශු ප්‍රමාණයක් අහිමි විය හැකි නමුත් සූර්යයාගේ මුළු ස්කන්ධයට සාපේක්ෂව එම ප්‍රමාණය ඉතාමත් කුඩාය.
සූර්ය සුළං මූලිකව සමන්විත වන්නේ දළ වශයෙන් සමාන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකින් මෙන්ම බර අයන කිහිපයකින් ය. මේ අංශු වල ප්‍රවේගය සූර්ය කිරීටක සිදුරු (coronal holes) වලට ඉහලින් යන විට වඩා වැඩි අගයක් ගන්නා අතර “විවෘත” චුම්භක ක්ෂේත්‍ර රේඛා ඇති සූර්යයාගේ ධ්රැව අසල ප්‍රදේශ, මේ අංශු වලට පහසුවෙන් අවකාශයට ගලා යාමට ඉඩ සලසයි. සූර්යයාගේ සමකය ආසන්නයේදී මේ අංශු ඉතා සෙමෙන් පිටතට ගලා යන්නේ, එහිදී චුම්භක ක්ෂේත්‍ර රේඛා තමාගේ ධ්රැව අතර පමණක් විහිදී ඇති නිසා මේ අංශු (coronal material) සිර වීමකට ලක් වේ.

පෘථිවියේ චුම්භක ක්ෂේත්රය අපේ ග්‍රහලෝකය සූර්ය සුළං වලින් ආරක්ෂා කරන අතර, මේ චුම්බක ගෝලය නිසා සූර්ය සුළං අපව මගහැර යයි. සූර්ය සුළඟ විසින් අපේ චුම්භක ක්ෂේත්රය මත ඇති කරන පීඩනය නිසා, සුර්යයාට මුහුණලා ඇති පැත්තේ පෘතුවි චුම්බක ක්ෂේත්රය සම්පීඩන වී ඇත. ඊට විරුද්ද පැත්තේ එය චුම්බක වලිගයක් (magnetotail) ලෙස විහිදී ඇත.

ඇතැම් අවස්ථා වලදී සුර්යයාගේ මේ ආරෝපිත අංශු පෘතුවියේ චුම්බක ක්ෂේත්රයට (චුම්බක ගෝලයට) ඇතුල් වන අතර පෘතුවි චුම්භක ක්ෂේත්‍ර රේඛා ඔස්සේ සර්පිලාකාරව ගමන් කර ධ්රැව ආසන්නයේදී, පෘථිවියේ ඉහළ වායුගෝලයේ අංශු සමඟ අන්තර් ක්‍රියා කර අවුරෝරා (auroras) නිර්මාණය කරයි.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.