ඉන්දියානු ණය ආධාර යටතේ ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල ඉදිරියේ රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ඉදිරියේ දී පාසල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන, රෝහල්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ ගොඩනැගිලි සහ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් වහල මත සවි කරන මෙම සූර්ය පැනල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.