සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන් අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා.
ඒ අනුව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, මෙය කණගාටුදායක තත්ත්වයක් බවයි.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළා.