ණය ප්රතිව්යුහගත කිරීම, දැඩි ආර්ථික ප්රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීම ශ්රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණය සඳහා ඉතා වැදගත් බව ලෝක බැංකුව පවසනවා.
එසේම ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
කොවිඩ් වසංගත තත්ත්වය හා යුක්රේනයේ යුද්ධයේ බලපෑම හේතුවෙන් වාර්තාගත ලෙස භාණ්ඩ මිල ඉහළ ගොස් විදේශ සංචිත ක්ෂයවීම නිසා ශ්රී ලංකාවට විශාල හානියක් සිදුව ඇති බවද එමඟින් සඳහන් කර තිබෙනවා.
දරුණුතම ආර්ථික අර්බුදයට ඇද වැටී ඇති ශ්රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ 9.2% කින් සහ 2023 දී තවත් 4.2% කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.