අද (17) වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම පටන් ගැනෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටිනවා.
නාඩු වී කිලෝවක් රුපියල් 120කට සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකට ඒ අනුව මීල දී ගැනිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000ක් ඒ සඳහා වෙන්කරගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.