ඇමෙරිකාවට කඩා වැදුණු බිහිසුණු හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.7 කට විදුලිය බලය අහිමි වූ බව පැවැසෙයි. හිම කුණාටුව හේතුවෙන් මරණ 13 ක් ද වාර්තා වේ.
ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවීමත් සමඟ නත්තල් නිවාඩුවට තම නිවෙස් කරා යෑමට සූදනම් වූ ඇමෙරිකානුවන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවන්ට ලක්වුණු බව ද පැවැසෙයි. හිම
කුණාටුවේ බලපෑමට ලක්වුණු ඇමෙරිකන් ජනපද ගණන 6 කි. ඊයේ (24) පමණක් අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 1,900 ක් බව පැවැසෙයි. 23 වැනිදා අවලංගු කිරීමට සිදුවුණු ගුවන් ගමන් ගණන 6,000 කි. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.