2023 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 1,100ක් පමණ විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එසේම 2022 සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සඳහා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා සඳහා රුපියල් බිලියන 3.5ත් 3.7ත් අතර ප්‍රමාණයක් මාසිකව වැයවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

