ලෝහ පිළිබඳ ඉතිහාසය ඉතා ඈත කාලයකට දිව යනවා. අතීතයේ මිනිසා විසින් සොයා ගනු ලැබූ ලෝහ වත්මන් සමාජයේ තාක්ෂණික දියුණුවත් සමඟ වේගයෙන් වෙනස්කම් වලට භාජනය වුණා. එසේ සොයා ගනු ලැබූ නවතම විදියේ ලෝහ පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.
නෙළුම් කොළ වන් ලෝහ

දෙදහස් පහළොවේ දී Gue නම් විද්‍යාඥයා විසින් ජලභීතික හෙවත් ජලය නොරැඳෙන පෘෂ්ඨයක් නිපදවීමට සමත් වෙනවා. ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව පත්‍රිකාව 2015 ජනවාරි මාසයේ දී journal of applied physics ජ(ර්)නලයේ පළ කර තිබුණු අතර එය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ වීඩියෝ පට මාධ්‍යයට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා. මෙහිදී පරීක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ලද ජලභීතික බවට පරිවර්තනය වන ලෙස ප්‍රතික්‍රියා කරනු ලැබූ පෘෂ්ඨය මත ජල බිංදුවක් පතිත කළ විට එය එහි නොරැඳී පොළවට පැනීම සිදු වෙනවා. මෙලෙස ජලභීතික පෘෂ්ඨය නිර්මාණය කිරීමට හැකිවීමේ විශේෂත්වය වන්නේ එය ඉතා විශාල යෙදීම ප්‍රමාණයකට යොදා ගැනීමට හැකිවීමයි.
උදාහරණයක් ලෙස අද නිවෙස් වල බහුලව භාවිතා කරන tefloan ආලේපනයක් සහිත භාජන වලට ඇත්තේ විශාල ඉල්ලුමක්. ආහාර ද්‍රව්‍ය භාජන පෘෂ්ඨය මත ඇලීමේ ස්වභාවය අඩුවීම මීට හේතුවයි. නමුත් ලේසර් ප්‍රතිකාර කළ මෙවැනි ද්‍රව්‍ය ඉතා පහසුවෙන් පිසීමට පිරිසිදු කිරීමට හැකි භාජන නිපදවීමට හැකි වීමට ඉඩ තියෙනවා. දරිද්‍රතාවයෙන් පෙලෙන තුන්වන ලෝකයේ දුෂ්කර රටවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට විවිධ පර්යේෂණවල කටයුතු වලට උරදෙන බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ ආධාර ද මෙම පරීක්ෂණ වෙත ලැබි තියෙනවා. අපතේ හැරීමට නොහැකි තරම් වූ අඩු ජල මූලාශ්‍ර සහිත අප්‍රිකානු මහද්වීපය රටවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම පරීක්ෂණය හරහා පිරිසිදු කිරීමට එතරම් ජලය අවශ්‍ය නොවන වැසිකිලි ආදී නිපදවීම ඔවුන්ගේ එක් ඉලක්කයක් වෙනවා.
නොගිලෙන ලෝහ

මෙම ජලභීතික පෘෂ්ඨවල ගුණ සමග ගිනි කුහුඹුවන් හා ජල මකුළුවන් භාවිතා කරන ස්වභාවික ක්‍රම එක් කරමින් අපූරු සොයා ගැනීමක් කරන්න මෙම පරීක්ෂකයින් සමත්වී තියෙනවා. ඒ ජලයේ නොගිලෙන ලෝහයක් තනා ගැනීම. ජලය නොගිලෙන ලෝහයක් යැයි කීවාට එය සාමාන්‍ය ලෝහයක් වන අතර ජලය නොගිලීමේ ගුණය එය අත්පත් කරගෙන තිබෙන එය සකසා ඇති අපූරු ව්‍යූහයත් සමගයි. පරීක්ෂකයන් තම සොයාගැනීම ඉදිරිපත් කර ඇති ලෝහ කැබැල්ල මැදින් කුඩා කුළුණකින් යා කරන ලද කාසි දෙකක් බදුයි. මෙම වෘත්තාකාර ලෝහ කැබලි දෙක එකිනෙක මුහුණලා ඇති පෘෂ්ඨ දෙක ජලභීතික වන ලෙස ප්‍රතිකර්ම මගින් සකසා තිබෙනවා. මේවා වෙන්වී ඇත්තේ ඉතා කුඩා පරතරයන්ගෙන්.
මෙම ලෝහ ව්‍යුහය භාවිතා කිරීමෙන් නොගිලෙන සුළු යාත්‍රා ඉදිරියේදී සැකසීමට හැකි වන බව විශ්වාස කෙරෙනවා. එය මෙම සොයා ගැනීම භාවිතා කළ හැකි එක් යෙදුමක් පමණයි. තවත් එවැනි යෙදුම් බොහොමයක් අනාගතයේදී බිහිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.