වහල මත සවිකරන සෝලාර් පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව මීට පෙර පැවති රු.22ක සහ රු.15.50ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට, 500KW ට අඩු පද්ධති වෙනුවෙන් රු.37ක ස්ථාවර ගාස්තුවක් සහ 500KW ට වැඩි පද්ධති වෙනුවෙන් රු.34.50ක ස්ථාවර ගාස්තුවක් ලබාදීමට අවසර හිමිව තිබෙනවා.
වහලය මත සූර්යබල පද්ධති සවිකරන්නන් වෙනුවෙන් වසර 20ක් සඳහා මෙම නව ගාස්තු ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.