ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ට කොවිඩ් 19 රෝගය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට T20 ලෝක කුසලානයේ අද (25) ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තර​ඟය ස​ඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවදානමක් මතුව ඇති බවයි සඳහන් වන්නේ.

ICC රෙගුලාසිවලට අනුව කොවිඩ් 19 රෝගය ආසාදනය වූ ක්‍රීඩකයෙකුට වුව ද මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.

කෙසේ නමුත් ඇඩම් සම්පා අද තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version