T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 40 ක්, ධනංජය ද සිල්වා ලකුණු 26 ක් හා නොදැවී පන්දුවට පහරදෙමින් විශිෂ්ට පිති හරඹයක නිරත වූ චරිත් අසලංක ලකුණු 38 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 17 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්,

Share.
Leave A Reply

Exit mobile version