ඊයේ (14) වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්රදේශයේදී දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරක් සිදුවුණා.
එහිදී එම නිවසේ සිටි පියා, මව සහ පුත්රයා එම පස් කන්දට යට වූ අතර ආපදාවට පත් පිරිස ගලවා ගැනීමට ආරක්ෂක අංශ සහ ප්රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වුණා. එහිදී තුවාල ලබා සිටි පියාව මුදා ගැනීමට හැකිවූ අතර ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
අද (15) උදෑසන දක්වා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක වූ අතර එහිදී මව සහ පුතාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණා.