ලොකු ලූණු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගිය 24 වනදා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කර තිබෙනවා.
2022 වර්ෂයේ සැප්තැම්බර් මස 22 වැනි දින සිට රජය විසින් ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා අදාළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) රු. 10/- සිට රු. 50/- දක්වා වැඩි කිරීමත් සමඟ ලොකු ලූණු ආනයනය පහත වැටී තිබුණා.
ලොකු ලූණු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් 300,000 ක් පමණ වන අතර එම අවශ්‍යතාවයෙන් 86%ක් ප්‍රධාන වශයෙන් සපුරාගනු ලබන්නේ ආනයන මගිනි.