එක්සත් රාජධානියේ අගමැති ලෙස කටයුතු කළ ලිස් ට්රස් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.
මෙතෙක් එක්සත් රාජධානියේ කෙටිම කාලයක් සේවය කළ නායකයා බවට ලිස් ට්රස් පත්වන අතර ඇය සති හයක පමණ කාලයක් සිය ධූරයේ කටයුතු කර තිබෙනවා.
කොන්සර්වේටිව් පක්ෂයෙන් තේරී පත් වූ ජනවරම ලබා දිය නොහැකි බවයි විශේෂ ප්රකාශයක් කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
සතියක් ඇතුළත තවත් කොන්සර්වේටිව් නායකත්ව මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර, සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජුටද දැනුම්දී තිබෙනවා.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.