යුක්රේනය රජයට එරෙහි යුද ආක්රමණය සම්බන්ධයෙන් නිහඬ ප්රතිපත්තියක් අනුගමනය කළ ඊශ්රායලයට, රුසියාව අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඒ, ඇමෙරිකාවේ කීමට යුක්රේනයට ආයුධ ලබා දීමට ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට විරෝධය පළ කරමිනි. ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඉකුත් දා මැදපෙරදිග සංචාරය කරමින් ඊශ්රායලයට පැමිණියේය.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇන්තනි බ්ලින්කන් සහ අග්රාමාත්ය නෙදන්යාහු අතරේ සාකච්ඡා පැවැත්විණි.
රුසියන් හමුදාවට පහර දීමට යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට ඊශ්රායල අග්රාමාත්යවරයා එහිදී කැමැත්ත පළ කළේය.
ඊශ්රායලය රුසියන් යුක්රේන යුද්ධයටට මැදිහත් වී, යුක්රේන හමුදාවට සහාය දක්වමින් අවි ආයුධ ලබා දෙන්නේ නම්, ඊශ්රායලයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බව රුසියානු රජය පැහැදිලි කර තිබේ. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.