රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසනවා.
විදෙස් මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ, සෘජුවම රුසියාවෙන් හෝ නැතහොත් ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබා ගැනීමට අවධානය යොමුව ඇති බවයි.
ඒ අනුව අදාළ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ විකල්ප සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.