අප්‍රේල් මස 10 වැනිදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බවද කීවේය.
“අප්‍රේල් මාසය වෙනකොට අපිට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. සාමාන්‍යයෙන් මාසේ 25 රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප ගෙවන්නේ.නමුත් අප්‍රේල් මාසයේ වැටුප 10 වැනිදාට පෙර ගෙවිය යුතුයි. එය මුදල් ප්රවාහයට ලොකු බරක්. විශ්‍රාම වැටුප සහ සමෘද්ධියත් 10 වැනිදාට පෙර දිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නා එය ගෙවිය යුතු බව.එනිසා මූල්‍ය උපක්‍රම භාවිත කරලා එම ගෙවීම් කරනවා” යැයි ද ඇමැතිවරයා පැවසීය.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.