යාපනය කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර ජාතික සුපර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැති සිව්දින ක්රිකට් තරගය ඊයේ (05 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
පළමු දිනයේදී වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 199ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ලකුණු 289ක් ලබා ගත්තේය.
ලකුණු 90ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ යාපනය කණ්ඩායම තරගය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 229 ක් ලබා ගෙන සිටියේය.
ඒ වන විට යාපනය කණ්ඩායම ලකුණු 139 ක් ඉදිරියෙන් සිටි අතර යාපනය කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි ඉනිමේ දී අවිශ්ක තරිඳු ලකුණු 50ක් ද ලහිරු මධුසංඛ ලකුණු 43 ක්ද ක් ද ලබා ගත්හ.
තරගය නිමාවන විට කවිඳු පතිරත්න නොදැවී ලකුණු 27 ක් සහ දිලුම් සුධීර නොදැවී ලකුණු 17ක් ලබා ගෙන සිටියහ. යාපනය කණ්ඩායම අඩපණ කළ නුවන් ප්රදීප් කඩුලු තුනක් ද තරිඳු රත්නායක සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් ද බිඳ හෙලූහ. මේ අතර ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල සහ නුවර කණ්ඩායම අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හැර දමන ලදී. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.