අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසූ අතර සිසුහු ජනාධිපතිතුමා දැනුවත් කර සිටියේ විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි.
එය පිළිගත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ පිළිබඳ වන විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

